ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩක ක්රීඩිකාවන්ට ගුවන් ගමනේදී ආහාර නොමැතිව මැලේසියාව දක්වා රැගෙන යාමට බැඩ්මින්ටන් බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ. නමුත් ඒ සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශංකර් අන්නමලේ මහතා හා ක්රීඩිකාවන් භාර ආචාරිනියට පමණක් රුපියල් 12,500 ආහාර දීමනාවක් ගුවන් ප්රවේශ පත්රයේ සඳහන්ව ඇති බව වාර්තා වන අතර, ඔවුන් සම්පූර්ණ සංචාරය සඳහාම කිසිදු ගෙවීමක් නොකරන බව වාර්තාවේ. ඔවුන්ට අමතරව බැඩ්මින්ටන් සභාපති සුරාජ් දන්දෙනිය මහතා හා ජාතික පුහුණුකරු කමල් ගම්ලත් මහතාද මෙම සංචාරයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තාවේ.
සංචාරයට එක්වන බැඩ්මින්ටන් කණ්ඩායම පෙරවරු 6.00ට පමණ බැඩ්මින්ටන් මූලස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් කටුනායක ගුවන් තොටුපළ බලා පෙරවරු 7.30ට පමණ පිටත්ව ගොස් ඇත. ඔවුන්ගේ ගුවන් ගමන ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙරවරු 11.00ට වේ. එනැන් පටන් මැලේසියානු ගමන අවසන් වන තෙක් පැය 3කපමණ කාලයක් ගුවන් ගමනේ නිරත වීමට සිදුවේ. ඒ අනුව කනිෂ්ඨ කණ්ඩායමට අද උදෑසන පටන් ගුවන් ගමන අවසන් වන තෙක් පැය 8ක පමණ කාලයක් නිරාහාරව සිටීමට සිදුවේ.ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය ලබන සඳුදා (06දා) ආරම්භවේ.