ඔලිම්පික් තරගාවලියේ පාපන්දු ක්‍රිඩාවෙන් ලබාගත් සිය ප්‍රථම රන් පදක්කම ලබා ගැනිමට රියෝ ඔලිම්පික් තරගාවලියේදි සත්කාරක බ්‍රසීලය සමත්විය. ඒ අවසන් මහ තරගයේදි ප්‍රභල ජර්මනි කණ්ඩායම පරාජය කරමිනි.
දඬුවම් පහර 5-4ක් ලෙසින් බ්‍රසීලය රන් පදක්කම හිමිකරගත් අතර වත්මන් ලෝක ශූර ජර්මනි කණ්ඩායම පරාජය කිරීමට අවශ්‍ය දඩුවම් පහර නේමාර්ද සිල්වා විසින් වාර්තා කරනු ලැබීය.
නියමිත වේලාවේදි දෙපිළම ගෝල 1-1ක් ලෙසින් සම තත්ත්වයේ සිටි බැවින් ජයග්‍රාහකයන් තොරා ගැනිමට දඬුවම් පහර යොදා ගත් අතර එහිදී අවස්ථා පහම සාර්ථක කර ගැනීමට බ්‍රසීලය සමත්වුවත් ජර්මනියට සාර්ථක කර ගැනිමට හැකිවූයේ අවස්ථා හතරක් පමණි.
2014 වසරේ බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී බ්‍රසීලය ගෝල 7-1ක් වශයෙන් අන්ත පරාජයට ලක්කරමින් ජර්මනිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉන් වසර දෙකකට පසුව පරාජයයේ වාඩුව ඔලිම්පික් තරගාවලියේදි ගැනීමට බ්‍රසීලය සමත්විය.