ශ්රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියොජනය කළ තවත් ක්රීඩකයෙකු වූ බර ඉසලීමේ ක්රීඩක සුදේශ් පිරිස්ටත් සිය බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවුණා. ඒ සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති අංශයෙන්ම සුදේශ්ට තරගයෙන් ඉවත්වීමට සිදුවූ හෙයින්.
කිලෝ ග්රෑම් 62 ක පංතියෙන් තරග කළ සුදේශට එහිදී ස්නැච් ක්රමයට කිලෝ ග්රෑම් 120ක් එසවීමට තෝරා ගත්තත් ඔහුට අවස්ථා තුනකදිම එම බර එසවීමට නොහැකි වුණා. බී කාණ්ඩයෙන් තරග වැද සුදුසුකම් ලැබූ ක්රීඩකයින් පිළිවෙළින් කිලෝ ග්රෑම් 281ක්, 275ක් හා 266ක් එසවීමට සමත්වුණා.
එම ඉසව්වේ රන් පදක්කම් පිළිවෙළින් කොළොම්බියාව, ඉන්දුනීසියාව හා කසකස්ථාන ක්රීඩකයන් විසින් දිනා ගනු ලැබුවා.