සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පි. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය ප්රථම ඉනිම ක්රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 90ක් අවසානයේදී කඩුලු 6ට ලකුණු 322ක් රැස්කරගෙන සිටියි.
ශකිබ් අල් හසන් 58, මොසාඩික් හුසේන් 17 නොදැවී පිටියේ රැදි සිටිති. අද දිනයේදී බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටුණු එකම කඩුල්ල වූයේ නායක මුශ්ෆිකාර් රහීම්ය. ඔහු සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ශ්රී ලංකා කණඩායම පළමු ඉනිමට ලකුණු 338ක් රැස්කළේය.