ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10දා) කඩුලු 6කට ලකුණු 274ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට කටයුතු කළ අතර, එහිදී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමිනි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි උපුල් තරංග 115ක් ලබාගනිමින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය අද වාර්තාකර කළේය. අද දින සාර්ථකත්වයට පැමිණි දිනේෂ් චන්දිමාල් සිය 11වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
මේ අනුව 457ක ඉලක්කයක් හඹායාමට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තරඟය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 67ක් ලබා සිටී. හෙට (11දා) තරගයේ අවසන් දිනයයි.