www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්රී ලංකාව කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද (17දා) දිනයේ සිය පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 467 ලබාගත්තේය.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 129ක් ඉදිරියෙන් පසුවෙයි.
දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබා ගත් අතර එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 138ක් ලබා ගනිමින් ශ්රී ලංකා ඉනිම ගොඩනැගුවේය. අනෙක් කිසිඳු ක්රිඩකයෙකුට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නනෝ ඉඩ ලබා නොදුන්හ.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 116ක් ලබා ගත් අතර හුසෙයින් ලකුණු 75ක් සර්කර් 61 සහ නායක රහීම් 52ක් ලබා බංග්ලාදේශ ඉනිම ගොඩනැගූහ.
බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු බිඳවැටීම හේරත් සහ සඳකැන් අතර කඩුලු 4බැගින් ලබාගත් අතර සුරංග ලක්මාල් කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd