බංග්ලාදේශයේ චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම අද (05 දා) දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 86 රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 501 පසුපසින් සිටිති.
බිඳ වැටුණු එකම කඩුල්ලේ හිමිකරුවා වූයේ සුරංග ලක්මාල්ය. තමීම් ඉක්බාල් කිසිදු ලකුණක් රැස්කිරීමට මත්තෙන් පළමු පන්දුවාරයේදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔහු සමත්විය.
කුමාර් සංගක්කාර ඊයේ (05දා) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට එක්වූයේ එම කඩඉම පසුකළ ලොව 23 වැනි පිතිකරුවා ලෙසයි. එමෙන්ම මෙය සංගක්කාරගේ ලකුණු 200 කඩඉම පසුකළ 9 වැනි අවස්ථාව වූ අතර, ඒ අනුව සංගක්කාර ද්විත්ව ශතක 9 ක් රැස්කළ පිතිකරුවන් අතර ලොව දෙවැනි ස්ථානයේ පසුවේ.
ඊට අමතරව සංගක්කාර ටෙස්ට් ලකුණු 11,000 කඩඉමද මෙම තරගයේදී පසුකිරීමට සමත්වූ අතර, එම කඩඉම අඩුම ඉනිම් ගණනකින් පසුකළ ලොව පළමු පිතිකරුවාද වීමට ඔහුට හැකිවිය. සංගක්කාර මේ වන විට තරග 122 ක ඉනිම් 208 කදී ලකුණු 11046 රැස්කරගෙන සිටියි. තවද සංගක්කාරගේ මෙම ඉනිමත් සමග ඔහු බංග්ලාදේශයට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් (1711) රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවා වන අතර, ඔහු බංග්ලාදේශයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් රැස්කළ ලොව පළමු පිතිකරුවාද වෙයි.
ශ්‍රී ලංකාව 587/10 (පන්දුවාර 156.4)
කුමාර් සංගක්කාර 319 (පන්දු 482, 4x32, 6x8)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
අජන්ත මෙන්ඩිස් 47 (පන්දු 67, 4x6)
කිත්රුවන් විතානගේ 35 (පන්දු 52, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 148/5 (පන්දුවාර 34)
නසීර් හුසේන් 16/2 (පන්දුවාර 6.4)
අල් අමීන් හුසේන් 81/1 (පන්දුවාර 26)
බංග්ලාදේශය පළමු ඉනිම 86/1 (පන්දුවාර 25)
ශම්සුර් රෙහමාන් 45* (පන්දු 75, 4x4)
ඉම්රුල් කායිස් 36* (පන්දු 76, 4x5, 6x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
සුරංග ලක්මාල් 18/1 (පන්දුවාර 5)