ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ඇති බාහිර බාධා කිරීම් පිළිබදව දඹුල්ලේදී (20දා) කළ ප්රකාශයෙන් පසුව තාවකාලික පුහුණුකරු නික් පෝතාස් වෙනස්ම ප්රකාශයක් අද (23දා) පල්ලෙකැලේදී පැවැසීය.
“කණ්ඩායමේ බිත්ති හතර තුළ සිදුවන දේ පිළිබඳව මම සතුටුයි. ඒ වගේම ක්රිකට් ආයතනය ගැනත් මම සතුටුයි. ශ්රී ලංකා ක්රිකට් ආයතනය හැමදෙයකටම ලොකු සහායක් දෙනවා. ඒ වගේම ක්රීඩකයනුත් අපිට සහාය දෙනවා. මට එහි ගැටලුවක් නෑ.” යැයි පෝතාද් පැවැසුවේය.
කෙසේ වෙතත් ඉරිදා දිනයේ පළමු තරගයෙන් පසුව පැවැති මාධය හමුවේදී ශ්රී ලංකා කණ්ඩායමට බාහිරින් ඇති ගැටලු පිළිබඳව ඔහු අදහස් දැක්වීය. තේරීම් ඇතුළු අනෙකුත් කටයුතු කණ්ඩායමේ නැවත නැගී සිටීමට බලපෑමක් ඇතිකර ඇති බව ඔහු සඳහන් කළේය. “ අරක්කැමියන් ගෙඩක් සිටිනවා කිව්වොත් එය නිවැරදියි” යැයි පෝතාස් එහිදී පැවැසීය.