පොලිස් , යුද හමුදාවට පැරදෙයි
ඩයලොග් අන්තර්සමාජ ලිග් රග්බි තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 32-18 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය කණ්ඩායම් දෙකම ඉතා ප්රභල ක්රීඩා විලාශයකින් තරග වැදුණු අතර ඒ අනුව එම අර්ධය නිමා වන විටදී කණ්ඩායම් දෙකම ලකුණු 08 බැගින් ලබා සම තත්වයේ පසුවූහ.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී යුද හමුදාව පොලිස් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීම කැපී පෙනින.
ජයග්රාහී යුද හමුදා ක්රීඩකයින් ගෝල දිනුම් 3 ක්,උත්සාහක දිනුමක් හා දඩුවම් පහර ද්විත්වයකින් ලකුණු රැස් කළ අතර උත්සාහක දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක සාර්ථකත්වය පොලිස් කණ්ඩායමේ ලකුණු පුවරුව ක්රියාත්මක කරවීය.
පොලිස් කණ්ඩයම මෙවර තරගාවලියේ මේ දක්වා කිසිදු ජයග්රහණයක් ලබා නොමැති අතර මෙම ජයග්රහණය යුද හමුදා කණ්ඩායමේ තෙවැනි ජය වේ. මේ සමගින් ප්රසාද ලකුණු සටහනේ සී.ආර්. කණ්ඩායම අභිබවා සිව්වැනි ස්ථානය දිනා ගැනීමේ හැකියාවද ඔවුන්ට ඇත.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.















