20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඊයේ(25) පැවති කිලෝග්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට සදලංකාවේ සුදේශ් පීරිස් සමත් වී තිබෙනවා.ඔහු ඉසිලූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 273ක්. 29 හැවිරිදි සුදේශ් පීරිස් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර 2010 වසරේ නවදිල්ලියේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද සුදේශ් කිලෝග්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.