2016 වසරේ යුරෝ කුසලානය තමන් සතු කර ගැනීමට පෘතුගාල කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක ප්රංශ කණ්ඩායම අතිරේක වේලාවේදී ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරමිනි.
පෘතුගාල කණ්ඩායමක් යුරෝ කුසලානයක් ජයග්රහණය කළේ සිය පාපන්දු ඉතිහාසයේ ප්රථම වතාවට වෙයි. තරගයේ 25 වැනි විනාඩියේදී ආබාධයක් හේතුවෙන් රොනාල්ඩෝට පිටියෙන් ඉවත්වීමට සිදු වූයේය. කෙසේ වෙතත් සිය සුපිරිතමයා නොමැතිව යුරෝ කුසලානය ජය ගැනීමට පෘතුගාලය සමත්විය.
2004 වසරේ පැවැති යුරෝ කුසලාන තරගාවලියේදී පෘතුගාලය පරදා ප්රංශය ශූරතාව දිනාගත්තේ ගෝල 1-0ක් ලෙසිනි.