පාසල් ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා වෛද්‍ය සහතිකය ලබාගැනීම අනිවාර්යය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේද අනුමැතිය ලබාදී ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මේ යටතේ පාසල් ක්‍රීඩකයන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පවතින බවට සහතික නිකුත් කිරීම සඳහා බලයලත් රජයේ වෛද්‍යවරුන් 1000 ක් පුහුණුකර මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් වෙත අනුයුක්ත කිරීමට එම අමාත්‍යාංශය මේ වනවිට කටයුතු යොදා ඇත.
ක්‍රීඩා වෛද්‍ය සහතික ලබා නොගෙන 2013 වසරේදී පාසල් සිසුන් 04 ක්ද, 2015 වසරේදී පාසල් සිසුන් 02 ක් ද අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් සැඟවුන හෘද රෝගවලින් පෙළෙමින් සිටි බව අනාවරණය වී තිබේ.
තරගකාරී ක්‍රීඩා ඉසව් සඳහා යෝග්‍යතා සහතික ලබාදීම සිදුකරන්නේ වයස අවුරුදු 12 සම්පූර්ණ වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට පමණක් වන අතර, මැරතන් ධාවන තරග සහ ගම හරහා දිවීමේ ඉසව් සඳහා වයස අවුරුදු 15 ඉක්මවා තිබිය යුතු වේ. මෙම වයස් කාණ්ඩවල දරුවන් ක්‍රීඩාව ආරම්භ කිරීමට ප්‍රථම හෝ පුහුණුවීම් ආරම්භ කිරීමට ප්‍රථම පූර්ව ක්‍රීඩා යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුවේ. එම සහතිකය ලබාගත් ළමුන් සති දෙකක පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම පූර්ව තරග යෝග්‍යතා සහතිකය ලබාගත යුතුය.
මැරතන්, ගම හරහා දිවීම, බයිසිකල් ධාවන තරග, මීටර් 1500 ට වැනි තරග, මීටර් 400 වඩා වැඩිදුර පිහිනීම, රගර්, පාපන්දු, කඳු නැගීම, ශිෂ්‍යභට, සටන් කලාව සහ බොක්සිං යන ක්‍රීඩා ඉසව් සඳහාද වෛද්‍ය සහතික අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනයෙන් දන්වා සිටියි.