වසර අටක කාලයක් තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබුණු ආධාර මුදල්වලින් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් එහි හිටපු සභාපතිවරයෙකු වන මනිලාල් ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුම්වල තැන්පත් කරගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.
මෙම පැමිණිල්ල සිදුකරන ලද්දේ පාපන්දු සම්මේලනයේ ආසන්නතම හිටපු භාපතිවන රංජිත් රුද්‍රිගු මහතා විසිනි.
විගණන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ පරීක්ෂණවලදී මේ පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයිද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන් පොලීසිය මෙය මූල්‍ය විශුද්ධිකරණ පනත යටතට වැටෙන වරදක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද දැන්වීය.
2006 සිට 2014 දක්වා කාලය තුළ මෙම වංචනික ක්‍රියා සිදුකර ඇතැයි දැනුම් දුන් පොලීසිය කළුතර ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමට ඉතාලි පාපන්දු ක්‍රීඩකයන් ලබාදුන් යුරෝ 40,000 ක් වංචනික ලෙස මනිලාල් ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුමක තැන්පත් කොට ඇතැයිද දැනුම් දුන්නේය.
2008 දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ආසියානු පාපන්දු සම්මේලනය ගෙවනු ලැබූ ඩොලර් ලක්ෂ දෙකක මුදලින් ඩොලර් 40,000 ක්ද ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිගේ තරගාවලියේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ගෙවනු ලැබූ ඩොලර් 60,000 ක්ද පාපන්දු සම්මේලනයේ හිටපු විධායක නිලධාරී ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් මනිලාල් ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුමට බැර කොට ඇතැයි දැනුම් දුන් පොලීසිය සුනාමි ව්‍යසනයෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීමට හොල්සිම් පුද්ගලික සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියන 10ක මුදලින් මිලියන 5 ක් අයථා ලෙස මනිලාල් මහතාට ගෙවා ඇතැයිද දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.