මැද පෙරදිග තරග සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (18) සාජාහිදී පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වේ.
අවසන් පන්දුවාර විස්සයි20 තරගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද තරගයට වැඩි විශ්වාසයකින් ප්‍රවිෂ්ට වනු ඇත. මෙය ඉදිරියටත් පවත්වා ගැනීමට අවස්ථාව උදාකර ගන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම අපහසු නොවනු ඇත. එහෙයින් ජයග්‍රහණ හිමිකර ගැනීම පුරුද්දක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය.
එමෙන්ම පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කරමින් පාකිස්තානු එක්දින කණ්ඩායමද අද තරගයට හොඳ විශ්වාසයකින් ප්රවිශ්ටවනු ඇත. එහෙයින් තියුණු තරගාවලියක් දැකගැනීමේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට හිමිවනු ඇත.
මහේල ජයවර්ධන එක්දින තරගාවලියට එක්ව නොමැති බැවින් අද තරගයේදී එම අවස්ථාව කුසල් ජනිත්ට හිමිවීමට වැඩි ඉඩකඩක් පවතී. අද තරගයට ක්‍රීඩා කිරීමට කුසල්ට අවස්ථාවක් හිමි වුවහොත් එක්දින කණ්ඩායමේ සිය ස්ථානය ස්ථාවර කරගැනීමට කුසල් මෙය අවස්ථාවක් කරගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයට සුබ ලකුණක් වනු ඇත. එපමණක් නොව කුසල් මේ වනවිට ලකුණු අතර සිටින පිතිකරුවෙකු බැවින් එය ඉදිරියටත් රඳවා ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් වනු ඇත.
කෙසේවෙතත් අද තරගයේදී කුමාර් සංගක්කාර කෙරෙහි වැඩි විශ්වාසයක් තබාගත හැකිය. සංගක්කාර මේ වනවිට සිය රිද්මයේ පසුවන බැවින් සෙසු පිතිකරුවන් ඔහු වටා ක්‍රීඩා කිරීමට කටයුතු කළහොත් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට අපහසු නොවනු ඇත. එහෙයින් ශ්‍රී ලංකා පිතිකරැවන් සංගක්කාරට අවශ්‍ය සහාය ලබාදීමට උත්සාහ කළ යුතුය.
රංගන හේරත්ද එක්දින තරගාවලියට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් අද තරගයේදී රංගනගේ ස්ථානයට සීක්කුගේ ප්‍රසන්න හොඳ ආදේශකයෙකි. ප්‍රසන්න පසුගිය තරගයේදී පන්දුවට පහර දෙමින් වේගයෙන් ලකුණු රැස් කළ බැවින් තේරීම් කමිටුවේ අවධානය ඔහු වෙත යොමුවීමට බොහෝදුරට ඉඩ ඇත. කෙසේවෙතත් ප්‍රසන්න තව තවත් සිය පන්දු යෑවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
පන්දුවාර විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකළ පාකිස්තානු කණ්ඩායමේ නිත්‍ය නායක මිස්බා උල් හක් අද තරගයේදී පාකිස්තානු කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් තරගාවලියට එක්වේ. එහෙයින් එය පාකිස්තානු කණ්ඩායමේ ශක්තිය වැඩි කරවන්නකි. පාකිස්තානු කණ්ඩායමේ ද.අප්‍රිකානු සංචාරයේදී මිස්බා උල් හක් ලකුණු අතර සිටි පිතිකරුවා බැවින්, සෙසු පිතිකරුවන් ඔහු වටා ක්‍රීඩා කරනු ඇත. මිස්බා එක් අන්තයක් රුකගනිමින් පන්දුවට පහරදෙන පිතිකරුවෙකු මෙන්ම, ඉවසිලිවන්තව පන්දුවට පහර දෙන පිතිකරුවෙකි.
එහෙයින් සෙසු පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් ඔවුන් පීඩනයට හසු කරගනිමින් මිස්බාට පීඩනයක් එල්ල කිරීමට හැකිවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි. ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාර විස්සයි20 තරගයේදී මෙන් අද තරගයේදීද අජ්මාල් සහ අෆ්රිඩිට ස්ථාවරවීමට අස්ථාවක් ලබා නොදීමට වග බලාගත යුතුය.
තරගය ජය ගැනීමේ හැකියාව
ශ්‍රී ලංකාව 51% - පාකිස්තානය 49%
ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්
ශ්‍රී ලංකා කණ්ඩායම - තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, නුවන් කුලසේකර, ලසිත් මාලිංග
පාකිස්තානු කණ්ඩායම - අහමඩ් ශේෂාඩ්, ශාර්ජිල් ඛාන්, මොහොමඩ් හෆීස්, සොහායිබ් මක්සූඩ්, මිස්බා උල් හක් (නායක), උමාර් අක්මාල්, සහීඩ් අෆ්රිඩි, සයීඩ් අජ්මාල්, සොහොල් තන්වීර්, ජුනයිඩ් ඛාන්, බිලාවල් බාටි