2009 වසරෙන් පසුව පාකිස්තානයේ සංචාරයක නිරත වන පළමු ටෙස්ට් ක්‍රීඩා කරන රට වශයෙන් තරග සංචාරයක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම එළැඹෙන අඟහරුවාදා පාකිස්තානයට පැමිණීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම තරග සංචාරයෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායමට හා ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන තරග සංචාරයක් සඳහා ආරාධනා කිරීමට පාකිස්තානය සූදානමින් සිටියි. මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් සභාපති ශෙර්යාර් ඛාන් පාකිස්තාන මාධ්‍ය හමුවේ පසුගිය සිකුරාදා කරුණු අණාවරණය කළේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාත සංචාරය හේතුවෙන් එරට ආරක්ෂක තත්ත්තවය තර කර ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.