ක්‍රිකට් පිටියේ විශ්‍රාමගත් ක්‍රිකට් ක්‍රීඩකයන් එක්කර ගනිමින් පැවැත්වීමට නියමිත විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයද එක්වෙනු ඇතැයි ඉන්දීයාවේ පී.ටී.අයි. පුවත් සේවය සඳහන් කරයි.
මෙම තරගාවලිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශේන් වෝන් හා සචින් තෙන්ඩුල්කාර් සංවිධානය කරනු ලැබන අතර එය ඇමෙරිකාවේදී පැවැත්වීට නියමිතය. රොයිටරස් පුවත්සේවය සඳහන් කරන්නේ තරගාලිය සඳහා මහේල එක්වීමේ සම්භාවිතාව 90% ක් දක්වා වන ඉහළ ප්‍රතිශතකයක පවතින බවයි.
තරගාවලිය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 28ක් සහභාගීකරගැනීමට නියමිත අතර එම තරගාවලිය නිව්යෝක්, චිකාගෝ හා ලොස් ඇන්ජලීස් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
බ්‍රේට් ලී, මැතිව් හේඩන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, රිකී පොන්ටින් හා ශේන් වෝන් ඔස්ට්‍රේලියාවෙන්ද, ජැක් කාලිස්, ඇල්න් ඩොනල්ඩ් දැකුණු අප්‍රිකාවෙන්ද, පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩී, කොදෙව් හි බ්‍රයන් ලාරා, ඉන්දියාවේ අනිල් කුම්බ්ගේ, සවුරව් ගංගුලි, වී.වී.එස්. ලක්ෂ්මන් තරගාවලිය සඳහා එක්වීමට නියමිත බව වාර්තාවෙයි.