ක්‍රිකට් තරගයකදී ලකුණු 1000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමේ වාර්තාවට හිමිකම් කීමට ඉන්දීය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රනාව් ධනවාඩේ සමත්ව ඇත.
ඉන්දීය එච්.ටී. භණ්ඩාරි අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලියේදී කේ.ජී ගාන්ධි පාසල නියෝජනය කරමින් ආර්යා ගුරුකුරු පාසලට එරෙහිව ඔහු මෙම දක්ෂතාව දැක්වීය.
ඊයේ (04දා) ආරම්භ වූ මෙම දෙදින තරගයේදී ඔහු නොදැවී ලකුණු 1009 ක් රැස්කළ අතර, පළමු දිනය නිමාවන විට ප්‍රනාව් නොදැවී ලකුණු 652 ක් රැස්කරගෙන සිටියේය.
මීට ඉහතදී ක්‍රිකට් පිටියේදී පිතිකරුවෙකු රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ ඉන්දියාවේ උපත ලද ආතර් කොලිංන්ස්ය. ඔහු 1899 වසරේදී ලකුණු නොදැවී 628ක් රැස්කර තිබිණි.
ප්‍රනාව් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන අතර ලකුණු 1465 කට කඩුලු 03 ක් ලෙස සටහන්ව තිබියදී ගාන්ධි පාසල තරගය අත්හිටුවීමට තීරණය කළේය.
“මම හැමවෙලාවෙම විශාල පහරවල් එල්ල කරන්නෙක් වුණා. මම ඉනිම ආරම්භ කරන විට වාර්තා කැඩීමක් ගැන හිතුවෙත් නෑ. මම මගේ ස්වාභාවික ක්‍රීඩාව ක්‍රීඩා කළා. මම ලෝක වාර්තාව ගැන දැනගෙන හිටියේ නෑ* යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රනාව් පවසා සිටියේය.
ප්රනාව්ගේ මෙම වාර්තාගත ඉනිමට ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ද සිය ට්විටර් ගිණුම මගින් සුබ පැතුම් එක්කර ඇත.
ලකුණු සටහන