ශ්රී ලංකාවේ සැම්බෝ සම්මේලනය නියෝජනය කරමින් ආසියානු සැම්බෝ ශූරතාවලිය සඳහා පළමු වතාවට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම විසින් ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත් විය.
මෙම තරගාවලිය ටර්ක්මෙනිස්තානයේ ඇස්කබාට් නගරයේ ඔලිම්පික් ගම්මානයේදී පසුගිය 26 දා සිට 30 දා දක්වා පැවැත්වුණි.එහිදී එම්.පී.ජී.ඩිලානි (48kg), ඩිනුෂිකා ප්රියදර්ශනී (52kg), දිනේෂා මල්කාන්ති (60kg), නර්මදා සදමාලි (68kg) ඩබ්.ටී.ආර්.ප්රනාන්දු (78kg), හිලරි රොද්රිගෝ (74kg) යන ක්රීඩක ක්රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනාගත්හ.
ලෝකඩ පදක්කම් හය සමගින් තරගාවලිටය එක්වූ රටවල් 17 අතරින් 8 වැනි ස්ථානයට පත්වීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.තරගාවලියේ ශූරතාව ටර්ක්මේනිස්තානයට හිමිවූ අතර ලෝකඩ පදක්කම් දෙකක් පමණක් ලබාගත් ඉන්දියාව 10 වැනි ස්ථානයට පත්විය.
ශූරතාවලිය සඳහා ශ්රී ලංකා සැම්බෝ සම්මේලනයේ සභාපති කිත්සිරි ද සොයිසා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.