තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරග ද්විත්වයේදී ලැබූ පරාජය ඉතිරි තරග ජය ගැනීමට ශක්තියක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් පැවසීය.
තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම , ශ්‍රී ලංකාවේදී සහභාගි වූ පළමු මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ කණ්ඩායම ලැබූ මෙම දක්ෂතාව තම දක්ෂතාවකටත් වඩා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවක් වූ බවයි.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල , ශ්‍රී ලංකා නිත්‍ය එක්දින හා පන්දුවාර විස්ස නායක ඇන්ජලෝ මැතිව්ස් හා කණ්ඩායමේ ක්‍රීඩකයෝ සහභාගි වූහ.
ඡායාරූප- ඉසුරු පෙරේරා