ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කරමිනි.
තරගයේ මුලින්ම පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු හයට ලකුණු 305ක් රැස්කළේය. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 128ක් රැස්කළේය.
ලකුණු 306ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47.2කදී කඩුලු දෙකක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. ජෝ රූට් නොදැවී ලකුණු 133ක් රැස් කළේය.ඇලෙක්ස් හේල්ස් ලකුණු 95ට දැවී ගියේය.