නාඳුනන පුද්ගලයෙකුගේ පහරකෑමට ලක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුර ද සිල්වා මහතාගේ තත්ත්වය සාමාන්‍ය බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා ඊයේ (11දා) අද පුවත් පතට පැවැසීය. එසේම අනුර ද සිල්වා මහතා ඊයේ සවස කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරු කිරීමටද නියමිතව තිබුණි.
පෙරේදා (10දා) රාත්‍රී 7.00 ට පමණ ටොරින්ටන්හි පිහිටි පාපන්දු සම්මේලන මූලස්ථාන ඉදිරිපිටදී අනුර මහතාට යම් පුද්ගලයෙකු විසින් හොකී පිත්තකින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම සිදුවීමෙන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවිය.
පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඊයේ (11දා) උදෑසන අනුර ද සිල්වා මහතා ශල්‍යකර්මයකට ලක්කළ බවත් පසුව ඔහු ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවත්ය. මේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ සවස වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ පිළිබඳ අප කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පහරදීම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.