පස්වැනි එක්දින තරගයට වෙනස්කම් තුනක්
- 3 09 2016
- 15:45
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංක කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර හෙට (04දා) පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය සඳහා නිරෝෂාන් දික්වැල්ල, උපුල් තරංග හා දසුන් ශානක කණ්ඩායමට කැඳවා තිබේ.
ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පවරා ඇත. හෙට තරගයේදී උපුල් තරංගට ක්‍රීඩා කිරීමට වැඩි අවසථාවක් ඇතැයි වාර්තා වෙයි. තිසර පෙරේරාට හා ලක්ෂාන් සඳකැන්ට සංචිතයේ ස්ථානය අහිමි වී ඇත.
එක්දින තරගාවලිය මේ වන විට 3-1ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කර අවසන්ය.
ශ්‍රී ලංකා සංචිතය - කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, අමිල අපෝන්සු, ළහිරු කුමාර, සචිත් පතිරණ, උපුල් තරංග, නිරෝෂාන් දික්වැල්ල, දසුන් ශානක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
