පරාජිත ගමන අවසන්
- 10 12 2017
- 17:26
- {{hitsCtrl.values.hits}} views
- . .
සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජයග්රහණය කිරීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 112ක් රැස්කිරිමට සමත්විය.
එම ඉලක්කය පන්දුවාර 20.4නදී කඩුලු තුනක් පමණඛ් වැය කර පසුකර යෑමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. උපුල් තරංග 49, ඇන්ජලෝ මැතිව්ස් 25*, නිරෝෂන් දික්වැල්ල 26* ලකුණු රැස්කිරීමට සමත්විය.
භුවනේෂ්වර් කුමාර්, ජස්ප්රිට් භුම්රා හා හර්දික් පාණ්ඩ්යා එක් කඩුල්ල බැගින් දවාගත්හ.
තරගයේ ජයත් සමගින් තරග තුනකින් සමන්විත ඉක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
එසේම අඛණ්ඩව එක්දින තරග 12ක් පරාජයට පත්වෙමින් ආ ගමනද අවසන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

