ශ්රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමටත් පරදියි
(UPDATE)
ශ්රී ලංකා කණ්ඩායම ප්රථමවරට එක්දින තරගාවලියකදී පරාජය කරමින් සිය පළමු තරගාවලි ජයග්රහණය වාර්තා කිරිමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත්විය. ඒ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලබමිනි. ඒ අනුව තරග පහකින් සමන්විත වූ එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ජයග්රහණය කළේය. බංග්ලාදේශය හැරුණු විට ප්රධාන කණ්ඩායමක් රටින් පිටතදී පරාජය කළ ලැබූ දෙවැනි ජයග්රහණය මෙය වෙයි. ඔවුන් මීට ඉහතදී නවසිලන්ත කණ්ඩායම නවසීලන්තයේදි තරග 2-1ක් ලෙස පරායජයට පත්කර තිබුණි. දෙරට අතර පැවැති හයවැනි එක්දින තරගාවලිය මෙය වන අතර ඊට පෙර පැවැති තරගාවලි 5ම ජයගෙන තිබුනේ ශ්රි ලංකා කණ්ඩායමයි. 2009 වසරෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායමක් රටින් පිටතදී ලබාගත් පළමු ජයග්රහණයද මෙය වෙයි.
ලංකාව ලකුණු 203කට සීමා වෙයි
ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැත්වෙන තිරණාත්මක පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 203ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 203ක ඉලක්කයක් ලබාදුන්නේය. ධනුෂ්ක ගුණතිලක හා අසේල ගුණරත්න අර්ධ ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශකත්මත් කළහ. එසේම අසේල හා දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 50ක නොබිඳුණු සබඳතාවක් පැවැත්වීය.
පන්දුවාර 8කදී ලංකාවේ මුල් කඩුලු 3ක් බිඳ වැටෙයි
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානදේයි කඩුලු 3ට ලකුණු 34ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්රී ලංකාවට ලබාදුන්නේය. මෙම තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමිවෙයි. තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි. නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහරදෙමින් පිටියේ රැඳී සිටිති.
කඩුලු දැවී ගිය ආකාරය
නිරෝෂන් දික්වැල්ල 3 (ලකුණු 3/ පන්දුවාර 1.2)
කුසල් මෙන්ඩිස් 1 (ලකුණු 13/ පන්දුවාර 4.1)
උපුල් තරංග 6 (ලකුණු 31 / පන්දුවාර 8.2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

