පන්ජාබ් නොකඩවා පස්වැනි ජයත් ලබයි
- 29 04 2014
- 01:12
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොකඩවා ලැබූ පස්වැනි ජයග්‍රහණය සම්පූර්ණ කරමින් ඊයේ (28දා) රාත්‍රියේ ඩුබායිහිදී පැවැති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර කඩුලු 5ක ජයක් ලැබීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත්විය.
ලකුණු 125 ක පහසු ඉලක්කයක් හඹාගිය පන්ජාබ් පිතිකරුවෝ තරගයේ 18.5 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.
පන්ජාබ් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124/8 ක් පමණි. තරගයේ වීරයා ලෙස සන්දීප් ශර්මා සම්මාන හිමිකරගත්තේය.
බැංගලෝර් 124/8 (පන්දුවාර 20)
යුවරාජ් සිං 35 (පන්දු 32, 4x3, 6x1)
ක්‍රිස් ගේල් 20 (පන්දු 7, 4x2, 6x2)
ඒ.බී. ඩිවිලියර්ස් 17 (පන්දු 15, 4x2)
සන්දීප් ශර්මා 15/3 (පන්දුවාර 3)
මිචෙල් ජොන්සන් 19/2 (පන්දුවාර 3)
රිශි දවාන් 14/2 (පන්දුවාර 4)
පන්ජාබ් 127/5 (පන්දුවාර 18.5)
විරේන්ද්‍ර ශෙවාග් 32 (පන්දු 26, 4x4)
ඩේවිඩ් මිලර් 26 (පන්දු 20, 4x4)
රිශි දවාන් (නොදැවී) 23 (පන්දු 22, 4x3)
යුස්වේන්ද්‍ර චාහල් 23/2 (පන්දුවාර 4)
වරුන් අරෝන් 29/2 (පන්දුවාර 3.5)
ඡායාරූපය BCCI
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

