ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිඩාංගණයේ පැවැති විස්සයි20 තරගයේදි විනිසුර තීරණ විවේචනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට තරග දෙකක තහනමක් පනවා තිබේ. මේ පිළිබඳව විස්ඩන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වන දික්වැල්ල පවසන්නේ "නොදැවුණ අවස්ථාවක දැවී යෑමක් ලෙස නම් කළ විට කාට වුණත ඒ වගේ ආවේග ඇතිවෙනවා" යනුවෙනි. එසේම තරගයේ වැදගත්ම අවස්ථාවක එම තීරණය ලබාදුන් බවද දික්වැල්ල පවසයි.