නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට ආධාර එකතු කිරීම සඳහා පැවැත්වෙන ප්රදර්ශනාත්මක ක්රිකට් තරගයක් සඳහා ශ්රී ලංකාවේ සනත් ජයසූරියද එක්වීමට නියමිතය.
මෙම තරගය නේපාල ජාතික ක්රිකට් කණ්ඩායම හා ලෝක ක්රිකට් කණ්ඩායම අතර මැලේසියාවේදී අගෝස්තු මස 9 දා පැවැත්වීමට නියමිතය. ලෝක ක්රිකට් කණ්ඩායමට සනත් ජයසූරියද ක්රීඩා කරන අතර එම කණ්ඩායම හිටපු හා විශ්රාමගිය ක්රිකට් ක්රීඩකයන්ගෙන් සමන්විත වෙයි.