නෙදර්ලන්තයේ බිහිවූ පාපන්දු පුරාවෘත්තයක් වූ ජොහාන් ක්රයිෆ්, ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගියදා (24දා) පෙනහළු පිළිකාවකින් මිය යනවිට ජොහාන් 69 වැනි වියේ පසුවිය.
1966 වර්ෂයේ නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායම සමගින් අන්තර්ජාතික පිටියට පිවිසි ක්රයිෆ්, ඉදිරිපෙළ ක්රීඩකයෙකු ලෙස කණ්ඩායම වෙනුවෙන් තරග 48 කදී ගෝල 33 ක් වාර්තා කිරීමට සමත්ව ඇත. විශේෂත්වය වන්නේ ඔහු ගෝල වාර්තා කළ කිසිදු තරගයක් නෙදර්ලන්ත කණ්ඩායම පරාජය පත්වී නොතිබීමයි.
සිය ක්රීඩා සමාජ ජීවිතය ඇජැක්ස් (නෙදර්ලන්ත) කණ්ඩායමේ ආරම්භ කළ හෙතම කලක් ස්පාඤ්ඤ බාසිලෝනා කණ්ඩායමද නියෝජනය කර ඇත.