නිලූකගේ පළමු කඩයිම අසාර්ථකයි
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් අද (11දා) බිඳවැටුණි. බැඩ්මින්ටන් පිරිමි ඉසව්වේ 'පී' කාණ්ඩයෙන් තරග කළ නිලූක කරුණාරත්න චීන ක්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ තරග වට 2 -0කින් පරාජය වීමට සිදුවිය.
ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 123 වැනි ස්ථානයේ පසුවූ නිලූක, එම ශ්‍රේණිගත කිරීම්හි 02 වැනි ස්ථානයේ රැඳී සිටි චෙන් ලොන්ග් හමුවේ පළමු වටය 21-07 හා දෙවැනි වටය 21-10ක් ලෙස පරාජය විය. චෙන් ලොන් ඉකුත් 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදි පිරිමි කේවල ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් නිලූක තරගාවලියෙන් ඉවත් නොවන අතර, ඔහු අනිද්දා (13දා) ග්වාතමාලාවේ කෙවින් කෝඩන් සමගින්ද, 15 වැනිදා පෝලන්තයේ ඒඩ්‍රියන් ඩිසිකෝ සමඟද තරග වැදීමට නියමිතව ඇත. එම තරග දෙකෙහි දක්වන දක්ෂතා අනුව දෙවැනි වටය (අවසන් 16 දෙනාගේ වටය) සඳහා සුදුසුකකම් ලැබීමට අවස්ථාව හිමිවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

