ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අද (11දා) ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය.
කේවල අංශයේ පී කාණ්ඩයෙන් තරග කරන නිලූකගේ ප්‍රතිවාදියා වන්නේ චීනයේ චෙන්ග් ලූන්ය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතය.
චෙන් ලූන් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි සිටින්නේ දෙවැනි ස්ථානයේය.නිලූක රැඳි සිටින්නේ 93 වැනි ස්ථානයේය.