නිල් මහ සටන විසඳුමකින් තොරයි
කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 136 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් සටන ජය පැරදුමින් තොරව නිමාවට පත්විය.
ඊයේ (14දා) අවසන් වූ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 199කට සීමා කිරීමට ශාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී චාමික කරුණාරත්න ලකුණු 57 ක් රැස්කළ අතර, ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සචිත් ජයතිලක 3/27 ක් ලෙස දස්කම් දැක්වීය.ඉන් අනතුරුව සිය ප්‍රථම ඉනිම ක්‍රීඩාකළ ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු07 ක් දැවී ලකුණු 270 ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීය.
ශාන්ත තෝමස් විද්යාලයවෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නියැලුණු රවිඳු කොඩිතුවක්කු ලකුණු 95 ක් රැස්කළ අතර, රාජකීය විද්‍යාලය වෙනුවෙන් රන්දෙව් පතිරණ කඩුලු04 ක් දවාලීය.
ඒ අනුව ලකුණු 71 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ රාජකීයයෝ තෙවැනි දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙද්දී සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස් කරගෙන සිටියහ.
තරගයේ වීරයා සම්මානය ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ රවිඳු කොඩිතුවක්කුට හිමිවිය.
රාජකීය ප්‍රථම ඉනිම 199/10(පන්දුවාර 74.5)
චාමික කරුණාරත්න 57,හරිත් සමරසිංහ 35,හසිත් සමරසිංහ 27,සචිත් ජයතිලක 3/27,හෙලකමල් නානායක්කාර 2/43
ශාන්ත තෝමස් ප්‍රථම ඉනිම 270/7(පන්දුවාර 87.4)
රවිඳු කොඩිතුවක්කු 95,යොහාන් මෙන්ඩිස් 51,නිපුන් ගමගේ 48, රන්දෙව් පතිරණ 4/71 චාමික කරුණාරත්න 1/62
රාජකීය දෙවැනි ඉනිම 19/1
තිරාන් ධනපාල 10,ෂෙනාල් 1/3
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප බැට්ස්මන් වෙබ්අඩවිය අනුග්රහයෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

