හිටපු මෝටෝ ජීපි ලෝක ශූර නිකී හේඩ්න් අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇමෙරිකානු ජාතික නිකී හේඩ්න් ඉතාලියේදී සිදුවූ අනතුරකින් මෙසේ ජීවිතක්ෂයට පත්විය. මිය යන විට 35 වැනි වියේ පසුවූ නිකී හෙඩ්න් පාපදියකින් ගමන් කරමින් සිටින විට එය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. නිකී හේඩ්න් 2006 වසරේදී මෝටෝ ජීපී ලෝක ශූරතාවලිය ජයගත්තේය.
අනතුරින් පසුව දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව ඔහු ප්රතිකාර ලැබී රෝහල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. හේඩ්න්ගේ හදිසි වෙන්වීම පිළිබඳව ක්රීඩා ලෝකයේ බොහෝ දෙනෙකු කනගාටුව ප්රකාශ කර තිබුණි.