ග්රැහැම් ෆෝඩ්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් වු (Interim Head Coach) නික් පෝතාස් එළඹෙන ජූලි මසදී ආරම්බ වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වන තුරුම එම තනතුරේ රදවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව තහවුරු කලේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීමේ පුහුණුකරු (Fielding coach) ලෙස ක්‍රියා කළ දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ එම තනතුරේ ක්‍රියා කළ දකුණු අප්‍රිකානු ජාතික ග්රැහැම් ෆෝඩ් එම තනතරින් ඉල්ලා අස්වීමත් සමගිනි.
එළඹෙන ජූලි 21 වැනදා ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැප්තැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වේ.