නාවික හමුදා හා මහනුවර කණ්ඩායම් ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් මහා තරගයට
ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නාවික හමුදා හා මහනුවර කණ්ඩායම් සමත් විය. ඒ තරගාවලියේ ඊයේ (21)සවස පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජය ගනිමිනි.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවති තරගයන් හැව්ලොක්ස් කණ්ඩායම පරදා ලකුණු 28-26 ක තියුනු ජයක් හිමිකර ගැනිමට නාවික හමුදාව සමත් විය. එහි පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ලකුණු 12-12 ක් ලෙස සම තත්වයේ සිටියහ. ගෝල දිනුම් දෙකක් , උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහර තුනක් ආධාරයේන නාවික හමුදාව ලකුණු රැස් කරද්දි ගෝල දිනුම 3 ක හා එක් උත්සාහක දිනුමක් හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුනු සඳහා දායක විය.
මේ අතර මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 38-26 ක පරාජයක් ලැබීමට කොළඹ සී.ආර්. කණ්ඩායමට සිදුවිය. මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී මහනුවර ලකුණූ 22-07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.
ජයග්රාහී මහනුවර ක්රීඩකයින් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 4 ක් හා දඩුවම් පහර තුනකින් ලකුණු රැස් කළ අතර ගෝල දිනුම් 4 ක් මගින් සී.ආර්. කණ්ඩායමේ ලකුණු රැස් විණි.
මේ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 25 වැනිදා පැවැත්වේ.
නාවික හමුදා හා හැව්ලොක්ස් අතර තරගයේ අවස්ථාවන්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



















