ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියරේ සී.ඒච්. හමුවේ ලැබූ පරාජයේ වාඩුව ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ දෙවැනි අදියර් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සමග තරගයන් ලකුණු 27-24 ක තියුණු ජයක් හිමිකර ගනිමිනි.
වැලිසර නාවික හමුදා පිටියේ දී පැවති තරගය ආරම්භයේ පටන් ඉතා තියුනු ස්වාභාවයක් ගත් අතර ආරම්භයේදී නාවික හමුදාවට දැඩි තරගයක් ලබා දුන් සී.එච්. ක්රීඩකයෝ පළමු අර්ධය අවසනදී ලකුණු 17-10 ක් ලෙස ඉදිරියෙන් සිටියෝය.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී නාවික හමුදාව ඉතා දක්ෂ ලෙස ප්රතිවාදී සීමාව ආක්රමණය කළ අතර තවත් ලකුණු 17 ක් සිය ලකුණු පුවරුවට ඔවුන් එක් කර ගත්තේ ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර 2 ක් සමස්ථ තරගය පුරා සාර්ථක කර ගනිමිනි.
ප්රතිවාදී සී.එච්.ක්රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
තරගාවලියේ පළමු අදියරේ මෙම කණ්ඩායම් දෙක අතර තරගයෙන් ලකුණු 27-24 ක ජයක් හිමිවූයේ සී.එච්. කණ්ඩායමටයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය