(UPDATE) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩලු හතක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාකර නවසීලන්ත කණ්ඩායම සමත්විය. ශ්‍රි ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 189ක ඉලක්කය කඩලු තුනක් පමණක් වැයකර පසුකර යාමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ක්රසිය්චර්ච්හි පැවැතත්වෙන පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 188ට සිමා කිරීමට නවසිලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 65ක් තුළදි දැවී ගිය අතර ඉන් අනතුරුව මිලින්ද සිරිවර්ධන හා ණුවන් කුලසේකර 7වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 98ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරනු ලැබීය.
ලකුණු 189ක පහසු ඉලක්කයක් හඹායමින් සිටින නවසීලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 11ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 114 ක් රැස්කරගෙන සිටියි.
මාටින් ගප්තිල් හා නායක බ්‍රෙන්ඩන් මැකලම් වේගවත් අර්ධශතක රැස්කරමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළහ.