ණුවන් ප්රදීප් හා රංගන හේරත් ආබාධ හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයට ක්රීඩා නොකිරීම නිසා ඉන්දියාව හා පල්ලෙකැලේ පිටියේදී 12 දා ආරම්භවීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට අත්දැකීම් අවම කණ්ඩායමක් සමගින් ක්රීඩා කිරීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. ත
එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ප්රදීප් කළවයේ ආබාධයකට ගොදුරු වූයේය. හේරත් පසුගිය ටෙස්ට් තරග තුනේදී අධික ලෙස පන්දු යැවීම හේතුවෙන් ඔහුගේ කොන්දේ ආබාධය උත්සන්න වීම හේතුවෙන් තෙවැනි තරගයෙන් ඔහුව විවේක ගන්නාව ඇත.
නවක ක්රීඩක ළහිරු ගමගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර ඇත. එසේම තරුණ ක්රීඩක දුෂ්මන්ත චමීරද සංචිතයට ඇතුළත්ව ඇත. එසේම පළමු ටෙස්ට් තරගයට ක්රිඩා කළ ළහිරු කුමාරද සංචිතයට නම්කර ඇත. පළමු හා දෙවැනි ටෙස්ට් තරග දෙකේදී අවස්ථාවක් නොලද විශ්ව ප්රනාන්දුද සංචිතයට ඇතුළත්ව ඇත.
දෙවැනි ටෙසට් තරගයට නම්කර සිටි ධනුෂ්ක ගුණතිලක තෙවැනි තරගයේ සංචිතයෙන් ඉවත්කර ඇත. ඔහු ගාල්ලේදී ක්රීඩා කළේ සිය මංගල ටෙස්ට් තරගයටයි. නමුත් දෙවැනි තරගයට නායක දිනේෂ් චන්දිමාල් පැමිණිම හේතුවෙන් ඔහුට බංකුවට වී සිටීමට සිදුවිය. සංචිතයේ දඟ පන්දු යවන්නන් ලෙස ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා හා මලින්ද පුෂ්පකුමාර කම් කර ඇත.
ශ්රී ලංකා සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්