පිහිනුම් අංශයේ සමස්ත පිරිමි ශූරතාව මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයටත්, සමස්ත කාන්තා ශූරතාව මහනුවර මහාමායා විද්‍යාලයටත් හිමිකර දෙමින් 2015 ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා කිමිදුම් තරගාවලිය අද (21දා) කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී නිමාවට පත්විය.
පිහිනුම් හා කිමිදුම් අංශ දෙක යටතේ තරග පැවැත් වූ මෙවර තරගාවලියේදී කිමිදුම් අංශයේ සමස්ත පිරිමි ශූරතාව කොළඹ රාජකීය විදුහල විසිනුත්, කාන්තා ශූරතාව කොළඹ බිෂොප් විද්‍යාලය විසිනුත් දිනාගන්නා ලදී.
මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 2563ක් හා ක්‍රීඩිකාවන් 1625 ක් සහභාගි වූ අතර, තරගාවලියේ මෙවර නව තරග වාර්තා 10 ක් බිහිවීම විශේෂත්වයකි.
පුරා දින 4 ක් (18,19,20,21) පැවති තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍යාග ප්රදානෝත්සවය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ