ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සීමිත පන්දුවාර නායකයා හෙට (09දා) නිවේදනය කරන බව ශ්‍රී ලංකා ආයතනය පවසයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ හෙට පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සීමිත පන්දුවාර නායකයා ප්‍රකාශයට පත්කරනු ඇත.
දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් අතරින් එක් අයෙක් නව නායකයා ලෙසින් පත්වීමට නියමිතය.
කෙසේ වෙතත් ක්‍රිකට් වාර්තා පවසන්නේ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සීමිත පන්දුවාර නායකයා ලෙසින් පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි.
චන්දිමාල් මේ වන විට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙය කටයුතු කරයි.