ධනංජය ද සිල්වාගෙන් ශතකයක්
- 6 12 2017
- 13:24
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ධනංජයද සිල්වා සිය තෙවැනි ටෙස්ට ශතකය වාර්තා කිරීමට සමත්විය.
ලකුණු 410ක දැවැන්ත ඉල්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 65.4කදී කඩුලු 5ට ලකුණු 168 රැස්කරගෙන සිටියි. අද දිනයේදී ඇන්ජලෝ මැතිව්ස් හා නායක දිනේෂ් චන්දිමාල් දැවී ගියහ.
රොෂේන් සිල්වා ධනංජය සමග පිටියේ රැඳී සිටියි. නිරෝෂන් දික්වැල්ල හා ඩිල්රුවන් පෙරේරා පිතිකරුවන් ලෙස පන්දුවට පහරදීමට පැමිණීමට නියමිතව ඇත. අද දිනයේදී තරගය නිමා වීම සඳහා තවත් පන්දුවාර 40.2ක් යොමුකර යුතුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

