සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ආරම්භක කඩුලල් ලෙසින් ධනංජය ද සිල්වා දැවී ගියේය. ලකුණු 129 ක් රැස් කරගෙන සිටි ධනංජය දැවී ගියේ ෂෝන් මාෂ් ගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනි.
පන්දු 280 කට මුහුණ දුන් හෙතෙම සිය ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම උදෙසා හතරේ පහර 18 ක් වැය කළේය.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 107 ක් අවසනානයේ ලකුණු කඩුළු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 86 ක් හා දිල්රුවන් පෙරේරා ලකුණු 9 ක් බැගින් රැස් කරගෙන සිටියි.