ඉන්දීය වාණිජ ක්ෂේත්‍ර‘යේ සන්නාම පවරාදීම අතින් එරට ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිව අබිබවා යෑමට විරාට් කෝලි සමත්වී ඇත.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පන්දු 51 දී ලකුණු 82 ලබාගනිමින් ඉන්දියාවට ජයග්‍රහණය අත්පත් කරදීමත් සමග ඉන්දීය ක්‍රිකට්ලෝලීන්ගේ පමණක් නොව එරට වාණිජ ක්ෂේත්‍ර‘යේද ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා බවට කෝලි පත්ව තිබේ.
ඔහුගේ සන්නාම කළමනාකරු ප්‍රකාශ කරනුයේ ඔහුගේ වයස අවුරුදු 27 වන නිසා දීර්ඝ කාලපරාසයක් තුළ ගිවිසුම්වලට එළැඹිය හැකි බවත්, ලෝක කුසලානය අතර තුළ දින තුනක් වැනි කෙටි කාලයකින් ඔහු කෝටි 06 ක් පමණ අනුග්‍රාහක ගිවිසුම්වලින් ඉපැයූ බවත්ය.
ෂෙහානි දිල්රුක්ෂිකා