සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (02 දා) ඇන්ටිගුවාහි නිමාවට පත්වූ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු තුනක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 159 ක් පමණි. (ලින්ඩ්ල් සීමන්ස් 70, ඩැරන් බ්රවෝ 20, ස්ටෙෆාන් පැරී 3/32, ජෝ රූට් 2/15) පන්දුවාර 44.5කදී කඩුලු 7ක් පමණක් වැය කර එම ඉලක්කය පසුකර යාමට එංගලන්තය සමත්විය. (මයිකල් ලම්බ් 39, රවි බොපාරා 38*, නිකටා මිලර් 2/28, ඩැරන් බ්රාවෝ 2/41 )
මෙම තරග ජයත් සමග දෙරට අතර පැවැති තරග දෙක කණ්ඩායම් දෙකම එක බැගින් ජයග්රහණය කරමින් සම තත්ත්වයෙන් නිමා විය. දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය එළඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිතය.