දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේදී මේ මස 9දා සිට 22දා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වීමට තීරණය කොට තිබේ.
මේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17ක් හා නිලධාරීන් තිදෙනෙකු අයත් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ක්‍රිකට් උපකරණ සහ ගුවන් බලපත්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 1.1ක (රුපියල් ලක්ෂ එකොළහක්) වැයකර ඇත.
එක් කණ්ඩායමකට ඕවර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 06දා ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චන්දන දේශප්‍රිය දරයි.
ශ්‍රී ලංකාව, හිටපු සූරයන් වන ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය නේපාලය හා ඕස්ට්‍රේලියාව සහභාගි වන මේ තරගාවලියේ මූලික තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


