සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් කොළඹ එස්.එස්. සී. පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටදී පන්දුවාර 73 ක් අවසන එක් කඩුල්ලක් දැවී ලකුණු 235 ක් ලබා ප්‍රභල තත්වයේ පසුවේ.
නොදැවී පන්දුවට පහර දෙන නායක ස්ටීවන් ස්මිත් ලකුණු 104 ක් හා ෂෝන් මාෂ් ලකුනු 116 ක් ලබා සිටින අතර ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 214 ක සබඳතාවක් පවත්වා සිටියි .
තරගයේ තෙවැනි දිනයට අද (15) උදෑසන ආරම්භ කරන විටදී ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා සිටි අතර අද තරගයේ පළමු භාගයේදී ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 94 ක් රැස් කිරීමට සමත් වීම වූහ.