අබලන්වී තිබෙන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේ නඩත්තු කටයුතු එළඹෙන සැප්තැම්බර් මස අවසන් වනවිට අවසන් කරන බවත්, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගැනීමට කටයුතු කරන බවද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේ නඩත්තු කටයුතු සැප්තැම්බර් අවසන්
"සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේ නවීකරණ කටයුතු සිදුකළ ඉදිකිරීම් සමාගම (ගහකොළ ලෑන්ඩ්ස්කේපින්) සමග රැස්වීම් හතරක් පමණ පැවැත්වූවා. ඒ මිනිස්සු එකඟ වුණා මේක හදන්නම් කියලා. නමුත් දිගින් දිගටම මේ අය අපිව මඟඅරින්න පටන් ගත්තා. මෙහි වගකීම් කාලය 2017 වර්ෂයේ අවසන් වෙනවා. මේ අය කරන්න හැදුවේ හදනවා හදනවා කිය කියා ඉඳලා එම වගකීම් කාලය අවසන් වෙනකම් ඉන්න".
ධාවන පථය ඉදිකළ සමාගමට නඩු පවරයි
සුගතදාස ධාවන පථයේ නඩත්තු කටයුතු සිදුනොකිරීම පිළිබඳව නඩු පවරන්න කටයුතු කරලා තියෙන්නේ. එම වැඩකටයුතු දැන් සිදුකරගෙන යනවා. එමනිසා ඒ අයට පැනලා යන්න අවස්ථාවක් නැහැ. මේ කටයුතුවලට අපෙන් (ක්‍රීඩා අමාත්‍යාංශය) කට්ටියකුත් උදව් කරලා තිබුණා. මේකේ විශාල ප්‍රශ්නයක් තිබුණේ. මේ මිනිස්සු (ඉදිකිරීම් සමාගම) හදන්නෙත් නැහැ, නඩුවෙන් තීන්දුවක් ලැබෙන තෙක් අපට කිසිවක් කරන්නත් බැහැ. ප්‍රශ්න විසඳෙනකම් අපට සල්ලි ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ.
එමනිසා රවී කරුණානායක අමාත්‍යතුමාට (මුදල් අමාත්‍ය) ක්‍රීඩාංගණය පෙන්නුවා. මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 660ක් අපට අනුමත කර තිබෙනවා. සුගතදාස ක්‍රීඩාංගණය, සුගතදාස හෝටලය ආදි සියල්ලන්ගේම නඩත්තු කටයුතුවලට එම මුදල් යොදවනවා. ඒ සඳහා අවශ්‍ය කරන ටෙන්ඩර් පටිපාටිය ලබාගෙන නිවැරදි ලෙස එය කරන්න වැඩපිළිවෙළ සකස්කර තිබෙනවා. අපේ බලාපොරොත්තුව සැප්තැම්බර් මාසයේ අවසානය වනවිට ධාවන පථය නිමකිරීමටයි. සම්පූර්ණ ක්‍රීඩාංගණයේම ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව ගුවන් හමුදාවට ලබාදෙනවා.
දියගම ක්‍රීඩාගණය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට
"දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය භාරදී තිබෙන්නේ යුද හමුදාවට. අපට (ක්‍රීඩා අමාත්‍යාංශය) කිසිම පාලනයක් තිබිලා නැහැ. මේ ඉඩමේ කිසිම අයිතියක් අමාත්‍යාංශයට නැහැ. මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා මිලියන 30ක් හා 35ක් ලෙස දෙවතාවකට මිලියන 65ක් ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැයකර තිබෙනවා. එමනිසා මෙම ක්‍රීඩා සංකීර්ණය, ක්‍රීඩා අමාත්‍යාංශයට පවරගන්න කමිටුවක් පත්කළා. ක්‍රීඩාංගණය පවරාගැනීමේ කටයුතු අවසන් කරගෙන, එය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන ආර්ථික කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරනවා. එම කමිටුවෙන් අපට අනුමැතිය ලබාදුන්නට පසු දියගම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරගන්න කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.