සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (28දා) සමත්විය.
ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීය.
නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායම ළහිරුගේ ශතකය හේතුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 114ක් අවසානයේදී ලකුණු 273ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව කඩුලු හතක් අතැතිව නවසීලන්තයේ දෙවැනි ඉනිමට ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 30 ක් පිටුපසින් සිටියි.
ළහිරු 148* මැතිව්ස් 51* නොදැවී පිටියේ රැඳී සිටිති.