බ.ඉ.කොදෙව් කණ්ඩායම සමගින් හෙට (01) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ඉවත් වී ඇත. ඔහුගේ බිරිඳගේ දරු ප්‍රසූතිය නිසා සවුති මෙලෙස පළමු තරගයෙන් විවේක ගන්වා ඇත. සවුතිගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානයට තවත් වේග පන්දු යවන්නෙකු වන මැට් හෙන්රි පත් කොට ඇත.
හෙන්රි අවසන් වරට නවසීලන්ත ටෙස්ට් සංචිතය නියෙජෙනය කලේ පසුගිය මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගාවලියෙදීය.
කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ටෙස්ට් තරග දෙකක්,එක්දින තරග 3 ක් හා පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත වේ.
තරගයට නම් කළ නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, ටොම් බ්ලන්ඩෙල්, මිචෙල් සැන්ට්නර්, කොලින් ඩි ග්රෑන්ඩ්ඩෝම්, මැට් හෙන්රි, නීල් වැග්නර්, ට්‍රෙන්ට් බෝල්ට්