දකුණු කොරියාවේ පැවැති 17වැනි ආසියානු ක්රීඩා උලෙළ සඳහා සහභාගී වී එහි රැකියා සෙවීමේ අරමුණින් නැවතත් සිය රටවල්වලට නොපැමිණි ක්රීඩකයන් සෙවීමේ මෙහෙයුම් දකුණු කොරියානු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
ආසියානු තරගාවලියට සහභගී වූ ක්රීඩකයන් හත් දෙනෙකු දකුණු කොරියාවේදී අතුරුදන් වී ඇති අතර, නේපාලයේ තිදෙනෙක්, ශ්රී ලංකාවේ දෙදෙනෙක් , පාකිස්තානයේ හා පලස්තීනයේ එක් අයෙක් වශයෙන් මෙසේ අතුරුදන්ව සිටිති.