පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නවසීලන්තය හා දකුණු අප්රිකාව අතර තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයක් අත්කර ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම අද (24දා) සමත්විය.
චිතගොන්හිදී පැවැති මෙම තරගයේ ලකුණු 171ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්රීඩකයන්ට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවූයේ 168 ක් පමණි. අගනා ඉනිමක් ගොඩනැගූ රොස් ටේලර් අවසන් පන්දුව තෙක් තරගයේ රැඳී සිටිමින් පන්දු 37 ක් තුළ වේගවත් ලකුණු 62ක් රැස්කළ අතර, දකුණු අප්රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඩේල් ස්ටේන් ලකුණු 17 කට කඩුලු 04ක් දවාගැනීමට සමත්විය.
දකුණු අප්රිකාව 170/6
ජේ.පී. දුමිනි 86 (පන්දු 43, 4x10, 6x3)
හෂීම් අම්ලා 41 (පන්දු 40, 4x2)
කුරේ ඇන්ඩර්සන් 2/28 (පන්දුවාර 3)
ටිම් සවුති 2/46 (පන්දුවාර 4)
නවසීලන්තය 168/8 (පන්දුවාර 20)
රොස් ටේලර් 62 (පන්දු 37, 4x4, 6x3)
කේන් විලියම්සන් 51 (පන්දු 35, 4x5)
ඩේල් ස්ටෙන් 17/4 (පන්දුවා 4)
ඉම්රාන් තහීර් 27/2 (පන්දුවාර 4)